ජනපති සැලසුම සාර්ථකයි! කොළඹ වාහන තදබදය පහළ යයි!

February 26, 2020 at 3:38 pm | by emanisa.lk

ඊයේ (25) පස්වරුවේත්, අද උදෑසනත් කොළඹ රථ වාහන තදබදය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩුව තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි රථ වාහන රාජකාරී සඳහා යුධ හමුදා පොලිස් නිළධාරීන් යෙදවූ අතර ඔවුන්ගේ මැදිහත් වීමෙන් රථ වාහන රාජකාරී වෙනදාට වඩා කාර්යක්ෂමව සිදුවන අයුරු දැක ගත හැකි විය.

අමතරව මේ සඳහා ගුවන් හමුදාවේ ද සහාය ලබා ගැනීමට කටයුතු කරමින් ඇතැයි වාර්තා වෙයි.

මේ හේතුවෙන් රථ වාහන තදබදය සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වී තිබෙන බව කොළඹ නගරයට පැමිණුනු ජනතාව ප්‍රකාශ පවසති.

මේ පිළිබඳ සමාජ මාධ්‍යවල අදහස් පළ කළ පිරිස් පවසා ඇත්තේ වෙනදාට වඩා අඩු කාලයක් තුළ තමන්ට කාර්යාලයට සහ නිවසට යාමට හැකි වූ බවත් එය එදිනෙදා කටයුතුවලට මහත් පහසුවක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස