වැල්ලවත්ත-බත්තරමුල්ල යා කරන මගී ප්‍රවාහන බෝට්ටු සේවයක්! පැය එකහමාරක ගමන බෝට්ටුවෙන් විනාඩි විස්සෙන්!

February 25, 2020 at 7:07 am | by emanisa.lk

නගර යා කරමින් අධිවේගී මාර්ග ඉදිවෙද්දී ප්‍රවාහනයේ තවත් නව ව්‍යාපෘතියක් ලබන 11 වනදා ආරම්භ කෙරෙයි.

ඒ බත්තරමුල්ල හා වැල්ලවත්ත යා කරමින් නව බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමයි. රථ වාහන තදබදයට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙමින් මෙය ආරම්භ කරයි.

බත්තරමුල්ල දියත උද්‍යානයේ සිට වැල්ලවත්ත දක්වා මෙම මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ක්‍රියාත්මක වෙයි.

එහි නැවතුම් ලෙස දියතඋයන, නාවල විවෘත විශ්වවිද්‍යාලය හා වැල්ලවත්ත නම් කර ඇත. මහා මාර්ගය ඔස්සේ බත්තරමුල්ල සිට වැල්ලවත්ත දක්වා කාර්ය බහුල වේලාවකදී ගමන් කරන්නෙකුට පැය එකහමාරකට අධික කාලයක් ගතවෙයි.

ස්වාභාවික පරිසර පද්ධතියේ අසිරිය ද විඳිමින් විනාඩි 20 ක් වැනි කෙටි කාලයක් තුළ බෝට්ටු සේවාව භාවිත කරන්නෙකුට ගමනාන්තයට ළඟාවිය හැකියි. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව හා නාවික හමුදාවේ සහයෝගය ඇතිවයි මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස