ජනපති මෛත්‍රී මහින්ද අගමැති කළාම අපි විරුද්ධ වුණා! ඒ නිසා යහපාලන ආණ්ඩුව පෙරළන්න සහරාන්ලා බිහි කළා! – හකීම්

June 24, 2020 at 2:56 pm | by emanisa.lk

වත්මන් දේශපාලන වාතාවරණය තැතිගැන්මේ මානසිකත්වයක් සුළු ජනතාව තුළ විශේෂයෙන් මුස්ලිම් ජනතාව තුළ ඇති කර ඇති බවත් ඒ ගැන කතා කරන්නට බොහෝ දෙනෙක් බියක් දක්වන බවත් හිටපු අමාත්‍ය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගය යටතේ තරග කරන රවුෆ් හකීම් අවධාරණය කරයි.

මහනුවර යටිනුවර මැතිවරණ කොට්ඨාශයේ පිහිටි දෙහිඅංග ගම්මානයේදී පසුගියා පැවැකි සීමිත ආධාරකරුවන් සමගින් පැවැති හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“මුස්ලිම්වරුන් තුළ එවන් තැතිගැන්මක් ඇතිවීමට බලපෑ සාධකය වෙනත් කිසිවක් නොව, පසුගිය වසරේ පාස්කු ඉරුදින එල්ලවු මිලේච්ඡ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. එම ප්‍රහාරය මුස්ලිම් සමාජය තුළ බියකරු, භයංකාර වාතාවරණයක් ඇති කර තිබෙන අතරම, ඔවුන්ගේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් අවිනිශ්චිත භාවයක් ද ඇති කර තිබේ. මෙය අනපේක්ෂිතව සිදුවු දෙයක් බවට කිසිවෙකුට අනුමාණ කළ නොහැකිය. මෙවන් කණ්ඩායමක් අප අතරම සැඟවී සිට මෙවන් මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කිරීම ගැන අප සැම නිතරම කණගාටුවන්නෙමු. එම මිලේච්ඡ ක්‍රියාවන් අප සමාජය විසින් කිසිවිටෙක අනුමත කරනු නොලැබිණ.

ආගමික නායකවරුන් (උලමාවරුන්) පවා එම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධවුවන්ගේ දේහයන් සඳහා යාඥා මෙහෙයන් පැවැත්වීමට හෝ ආගමික චාරිත්‍රානුකූලව මිහිදන් කිරීමට හෝ ඉදිරිපත් නොවුණි. ජමියතුල් උලමාව විසින් ද එම දේහයන් භාරගැනීම පවා ප්‍රතික්ෂේප කෙරුණි. ඒ මගින් අප එම ක්‍රියාවෙන් කොතරම් දුරකට එය අනුමත නොකරන ස්ථාවරයක සිටියේද යන්න පැහැදිලිව ඔප්පු කර තිබේ. එහෙත් මහජනතාව අතර මේ දක්වා සියලුම ප්‍රචාරයන් මුස්ලිම් සමාජයට විරුද්ධව අඛණ්ඩව සිදුකෙරේ.

නැවතත් අප සමාජය ඉලක්ක කරමින් අවලාද නැගීමේ ප්‍රචාරයක් දියත්කර තිබේ. විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයන් මෙම සිද්ධියට සම්බන්ධ කරමින් අසත්‍ය ප්‍රචාරයක් මහජාතිය තුළ දියත්කිරීමට ඇතැම් ජාතිවාදී මාධ්‍ය ආයතන ඉදිරියෙන්මම කටයුතු කරයි. එය උවමනාවෙන් ගොතනු ලබන අසත්‍ය ප්‍රචාරයකි. ත්‍රස්තවාදයට සහයෝගය දක්වන අය අප සමාජය තුළ බහුල වශයෙන් සිටින බවට අසත්‍ය මවාපෑමක් ඇතිකරනු ලබන ක්‍රියාවකි. බෞද්ධ සිංහල ඡන්ද ලබාගැනීමට දියත්කරනු ලබන කුමන්ත්‍රණයකි. ජාතිවාදී කටයුතුවල ඉදිරියෙන්ම සිට කටයුතු කරන භික්ෂුවන් වහන්සේ නමක් විසින් ජනාධිපති කොමිසකම් ඉදිරියේ නිතරම මේ සම්බන්ධයෙන් අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම දැකිය හැකි වේ. එම කරුණුවලට ජාතිවාදය අවුළුවන මාධ්‍යයන් විසින් වැඩි ප්‍රචාරයක් ලබාදීම මෑතක සිට නැවතත් දකින්නට ලැබේ. එහෙත් වර්තමානය වන විට අපට එරෙහි එවන් අසත්‍ය චෝදනා හා අවලාද නොසෙලකා හරින්නට තරම් අප තැන්පත්වී තිබේ.

එම මිලේච්ඡ ක්‍රියාව සමගින් අපට කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඔප්පු කිරීමට අප විසින් කොපමණ උත්සාහයක් දරනු ලැබුවත්, උවමනාවෙන්ම අපට එරෙහිව චෝදනා නැගීම අඛණ්ඩව සිදුවේ. අප විසින් කිසි විටෙක අනුමත නොකරන්නාවු එමෙන්ම නොපිළිගන්නාවු ක්‍රියාවක් සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය තුළ තවදුරටත් ත්‍රස්තවාදී කටයුතු පවතින බවටත්, කුමන අවස්ථාවකදී වුවද යම් කිසි දෙයක් සිදුවියහැකි බවට වු මානසිකත්වයක්, අසත්‍ය මවාපෑමක් මහජාතීන් තුළ ගැඹුරින් පැළකිරීමේ ප්‍රයත්නයක් ඔවුන් විසින් දියත්කර තිබේ. එය වාසියක් කරගත් ඇතැම් අය ඉදිරි මහ මැතිවරණයේදී ඡන්ද ලබාගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් ජාතිවාදය ඇවිළවීමට එය යොදාගනී.

දේශපාලන බල පෙරළියක් ඇතිකිරීමේ වාතාවරණයක් ඇතිකිරීමේ අරමුණින් සහ්රාන් නම් අයගේ නායකත්වයෙන් ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහිකරනු ලැබු බවටත් ඇතැම් වාර්තා පළවෙනවා. මන්දයක් අප විසින් බලයට ගෙන එනු ලැබු ජනාධිපතිවරයා විසින් 2018 වසරේ දී හිතුමනාපෙට හා ඒකාධිපති ස්වරයෙන් කිසිවෙකුට හෝ නොදන්ව මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට පත්කළ අවස්ථාවේදී එම ප්‍රජාතන්ත්‍රවිරෝධි කටයුත්තට එරෙහිව අප එකපෙලට සිට විරෝධතා දැක්වුයෙමු. එම අවස්ථාවේදී අප සමගද සාකච්ඡා කෙරුණි. ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතුවලට සහයෝගය දක්වන මෙන් අප වෙතින් ඉල්ලීමක් කළේය. එදා අප විසින් ඔවුන්ට සහයෝගය ලබාදී තිබුණේ නම් අප සියල්ලන්ම හොඳ අයවළුන් බවට ඔවුන් විසින් ප්‍රශංසා ලබන්නට අවස්ථාවක් තිබුණි. එහෙත් ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතුවලට සහයෝගය දැක්වු බවට අපවාදයකට මුහුණදීමට අපට සිදුවන්නේය. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද මා කැඳවා සාකච්ඡා කළා. එම අවස්ථාවේදී මා ගෞරවාන්විත අයුරින් අපගේ ස්ථාවරය පැහැදිලි කළා.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රහාරයට සම්බන්ධ බවට අසත්‍ය චෝදනා නගමින්, දේශපාලනඥයන් තිදෙනෙක් ඉල්ලා අස්විය යුතු බවට මුස්ලිම් සමාජය වෙත ව්‍යසනයක් දියත්කිරීමට ඔවුන් සැලසුම් කළ අවස්ථාවේදී එම බිහිසුණුකාරී වාතාවරණය සමනය කිරීමට අප සියල්ලන් ඒකාබද්ධ ඉල්ලා අස්වීමක් දක්වා යාමේ බලපෑමක් ඇතිවුණි. එම ඒකාබද්ධ ඉල්ලා අස්වීම මෙහෙයවු අයෙකු වශයෙන් එතෙක් මාගේ ගුණ වර්ණනා කළ අය මා හට එරෙහිව ද ත්‍රස්ත චෝදනා ඉදිරිපත්කරන්නට පෙළෙඹුණි. එවන් බිහිසුණුකාරි වාතාවරණයක මැද අප මෙම මැතිවරණයට මුහුණ දෙන්නෙමු.

මෑතකදී මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විසින් නිකුත්කරන ලද නිවේදනයක සුළු ජාතීන් වන දෙමළ හා මුස්ලිම් සමාජයන්හි සහයෝගයෙන් තොරව ස්ථාවර රජයක් බිහිකළ නොහැකි බවට ප්‍රකාශ කොට තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මා වෙතින් අදහස් විමසුවා. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ එම නිවේදනය ඔහුගේ පරිණත දේශපාලන ඥානය පිළිබිඹුකරයි. එහෙත් එවන් නිවේදනයන් මගින් පමණක් මුස්ලිම් සමාජයේ ඡන්ද ලබාගැනීමට නොහැකිය. ඒ වෙනුවට මුස්ලිම් සමාජයේ හිත් දිනාගැනීමේ කටයුතු දියත් කිරීම මගින් පමණක් මුස්ලිම් ඡන්ද ලබාගත හැකි බවට මා අවධාණය කළා. කෝවිඩ් -19 හේතුවෙන් අප රටේ ආර්ථිකයට පමණක් නොව සියලුම පවුල්වට ආර්ථිකය ද දැඩි ලෙස වැටී තිබේ. එයට විසදුමක් වශයෙන් පිළිගත හැකි ක්‍රියාමාර්ග කිසිවක් මේ දක්වා යෝජනා කොට නොමැත. මෑතකදී ජනාධිපතිතුමන් හා බැංකු කළමනාකරුවන් අතර පැවැති සාකච්ඡාව අභ්‍යන්තර වශයෙන් පවතින යම් අර්බූදයන් තරමක් දුරට පැහැදිලි කරනු ලැබීය. ඒ වගේම මේ රටේ පාලනය ක්‍රම ක්‍රමයෙන් හමුදා පාලනය දෙසට තල්ලුවෙමින් පවතින බවත් දක්නට ලැබේ.

සිවිල් සමාජයට සිදුවන අඩත්තේට්ටම් කෙරෙහි විරෝධය පෑමට එඩිතර නොවන බියගුලුභාවය හේතුවෙන් තව දුරටත් අඩත්තේට්ටම්වලට ලක්වන කණ්ඩායමක් වශයෙන් සිවිල් සමාජය පරිවර්ථනය වී තිබේ. මෙතුවක් කාලයක් මුස්ලිම් සමාජයට තිබුණු විවාහ හා දික්කසාද නීති ය පොදු නීති පද්ධතිය යටතට ගැනීමේ ප්‍රයත්නයන් දියත්වී තිබේ. එවන් අයුරින් අපගේ හඬ අඩපණ කොට යටපත් කරන්නට නොයෙකුත් උත්සාහයන් දියත් වේ. මහජාතික බෞද්ධ ඡන්ද ලබාගැනීමේදී වත්මන් රජයට පවතින හැකියාව එක්සත් ජාතික පක්ෂයට නොමැතිය.
එහෙත් සජිත් ප්‍රේමදාස මහතා තුළ එම හැකියාව පවතින බවට අප විශ්වාස කරන්නෙමු. එම හේතුවෙන් සුළු ජන පක්ෂ සියල්ල සමගි ජන බලවේගය යටතේ ඒකරාශිවී තරග කරන්නෙමු. මෙම අනුපාත ඡන්ද ක්‍රමය යනු පවතින රජයට යම් අනතුරු ඇගවීමක් බදුය. එබැවින් සුළු ජනතාවගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවේදී නියත වශයෙන්ම සිටිය යුතු බවට සමාජ මතයක් ගැඹුරින් ගොඩනගා ඇති බවත් දක්නට ලැබෙන බවටත් රවුෆ් හකීම්‍ෙවැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස