සහරාන් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නෑ! අපට චෝදනා කරන්නේ ඡන්දේ දිනාගන්න! – හකීම්

June 16, 2020 at 8:37 am | by emanisa.lk

පාස්කු ඉරු දින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමඟ තම දේශපාලන පක්ෂයට කිසිදු සබඳතාවක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් පවසයි.

මැතිවරණය දිනා ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙලෙස තම පක්ෂයට චෝදනා කර සිටින බව හෙතෙම කීවේය.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව මුස්ලිම් ජනාතාවට ගැටලු රැසකට මුහුණ පෑමට සිදුව ඇති බව මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් හකීම් සඳහන් කළේය.

මෙවැනි බොරු චෝදනා එල්ල කරන කල්ලියක් අපි අතරේම සිටි බව කිසිවකු දැන නොසිටි බව පැවසූ හකීම් දිගින් දිගටම මෙවැනි ප්‍රචාර තුළින් මුස්ලිම් ජනතාව අපහසුතාවට පත්ව ඇති බව ද පැවසීය.

මුස්ලිම් ගෙවල්වල අවශ්‍යතාවකට පවා පිහියක් නොමැති වූ බවත් මේ කතාව පවා පළ කරමින් චෝදනා කළ ද කිසි විටෙකත් තම පක්ෂය සැලෙන්නේ නැති බවද හකීම් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස