සහරාන්ට හකීම්ගේ පක්ෂේ සිබ්ලි ෆාරුක්ගේ රැකවරණ ලැබුණා! – බුද්ධි අංශ හෙළි කරයි..

June 3, 2020 at 8:57 am | by emanisa.lk

පාස්කු දින මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව එල්ල කළ සහරාන්ට දේශපාලන රැකවරණ ලැබී ඇතැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ දී පෙරේදා (1) අනාවරණය විය.

දෙවැනි දිනටත් කොමිසම හමුවේ සාක්කි දුන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස්පරීක්ෂක තරංග රුවන් කුමාරගෙන් කොමිසම ඒ ගැන කළ ප්‍රශ්න කිරීමේදී සඳහන් කරනු ලැබුවේ, සහරාන්ට දේශපාලන රැකවරණය ලැබුණු බවට බුද්ධි අංශ වාර්තා තිබු බවයි.

රැකවරණය ලැබුණේ කුමන දේශපාලනඥයන්ගෙන් දැයි කොමිසම ඔහුගෙන් විමසූ විට ඔහු සඳහන් කරනු ලැබුවේ එවකට සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක් වූ සිබිලි ෆාරුක්ගෙන් බවය. සිබ්ලි ෆාරුක් යනු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙකි. එහි නායකත්වය දරන්නේ රවුෆ් හකීම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස