ජනපති ගෝඨාභය සහ රණවිරුවන් වෙනුවෙන් සටන් කළ අජිත් ප්‍රසන්නට ඇප නොදෙන්නේ ඇයි?….රට වෙනුවෙන් හැමදාම ලියූ මාධ්‍යවේදියකුගෙන් නීතිපතිට ලිපියක්….

December 19, 2020 at 9:13 pm | by emanisa.lk

මාධ්‍ය වේදී සමන් ගමගේ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකි.

ගරු නීතිපති දප්පුල ලිවේරා මහත්මයාණනි,

1 මේජර් අජිත් ප්‍රසන්න යනු මේ රට වෙලා ගත් යුද්ධයේදී රට වෙනුවෙන් කැප වූ හමුදා නිලධාරියෙකි.

2. එසේම හමුදා සේවයෙන් පසුව ඔහු පසුගිය දිනවල ජනාධිපති කොමිසමකදී පවා හෙළි වූ රණවිරු දඩයම හමුවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත රණවිරුවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි රණවිරුවෙකි.

එකී පෙනී සිටීම නිසා ම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සාක්ෂිකරුවන්ට සහ විමර්ශන නිලධාරීන්ට බලපෑම් කළේ යැයි චෝදනා එල්ල කරමින් ඔහු රිමාන්ඩ් කර දැන් වසරකටත් ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත.

ඔහුට එරෙහිව එකී චෝදනාව ගොනු කළ පසුගිය කාලයේ රහස් පොලියේ රජකරමින් සිටි නල්ලමලේ විමර්ශන නිලධාරීන් හෙවත් යහපාලන කාලකන්නි අතරින් නිශාන්ත කන්දප්පා දැන් රටේද නැත.

ශානි අබේසේකර ඇතුළු වැල්ලෙ කොල්ලොත් පරාද කරමින් යහපාලනයට දුන්න එවුන් සමහරක් දැන් සිටින්නේ අපාගත වන චෝදනා එල්ල වී සිරගතවය.

ගරු නීතිපති තුමනි සත්‍ය මෙය නම් මේජර් අජිත් ප්‍රසන්න තව දුරටත් බන්ධනාගාරගතව සිටිනුයේ කුමක් නිසාද?

මා එසේ අසන්නේ මගේ ටිකිරි මොලේට කිසිවක් නොවැටහෙන නිසාය. ඇත්තටම මැතිතුමනි, හඬපට නාටක ඇතුළු නේක නැටුම් කෙළමින් එදා නීතිය අවනීතිය කළ යහපාලන පණ්ඩකයෝ අපිත් නොදැනුවත්වම නීතියේ දෙවඟනට කෙසෙල් වත්තේදී ඇසිඩ්වත් ගහලාද?

අනේ ඔබ තුමාගෙන් මා මෙසේ විමසන්නේ අර සැමට එක සමාන වූ නීතිය පිළිබඳ මේ මොහොතේ මට බරපතළ ගැටලුවක් මතුවී තිබෙන නිසාය.

අනේ කමත්වා. අතරුඳි තරාදියෙන් දුප්පතකුගේ කුස පුරවන හුළං විස්කෝතුවක්වත් කිරා බැලුවේදැයි අප නොදන්නා උත්තරීතර වූ නීතියේ දිව්‍යාංගනාවනි, දෑස රෙදිකඩකින් වසා සුද්දා නුඹව අපට භාර දී ගියේ මෙසේ ප්‍රශ්න කරන්නට සිදුවන උභතෝකෝටිකයන් ශේෂ කරමින්දැයි ඇතිවන්නේ මහප්‍රාණ ගැටලුවකි.

සමන් ගමගේ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස