ජනතා මුදලින් රිෂාඩ්ගේ කළ කී දේ ඉදිරියේ දී හෙළිවෙයි! අධිකරණයට නින්දා නොකර විල්පත්තව වවන්න කෝටි 50 ගෙවනු!

November 23, 2020 at 8:26 am | by emanisa.lk

හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් කළ කී දේවල් ඉදිරියේ දී තවත් හෙළිවීමට නියමිතව ඇති බවත්, ඒ නිසා අධිකරණය හෑල්ලුවට ලක්කොට ජනතාව මුළා නොකොට විල්පත්තුවේ නැවත වන වගා කිරීමට රුපියල් කෝටි 50ක මුදල ගෙවන ලෙසත් ඉල්ලා සිටින බවත් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක පවසයි.

රිෂාඩ් බදියුදීන් පසුගිය ආණ්ඩුව සමයේ මිලියන 800ක් වැය කර මන්නාරමේ දැවැන්ත ගොඩනැඟිල්ලක් ඉදිකර ඇති බවත් එය කුමට ඉදි කළේ දැයි අනාගතයේ හෙළි කිරීමට සිදුවනු ඇති බවත් ඔහු සඳහන් කළේ ය. එසේ ම එම කාලය තුළ නැවත පදිංචි කිරීම් සඳහා මිලියන 2000ක් වැයකර කළේ කුමක් දැයි හෙළිදරව් කිරීමට සිදුවනු ඇති බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

රුපියල් ලක්ෂ 80ක මුදලක් වැය කොට කොත්මලේ, පූඩළුඔය ඉදිකරන ලද සතිපොළ භූමිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඊයේ (22) එසේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස