ඡන්ද රැස්වීම් සඳහා නීති මාලාවක්! රැස්වීමට එන අයගේ තොරතුරු ළඟ ලේඛනගත කළ යුතුයි!

June 11, 2020 at 8:30 am | by emanisa.lk

මෙවර මැතිවරණ රැස්වීම්වලදී අත් පත්‍රිකා බෙදාහැරීම සිදු නොකළ යුතු යැයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිෂන් සභාවට ලබාදුන් කොවිඩ්-19 මාර්ගෝපදේශ සටහනේ සඳහන් කර ඇත.

රැස්වීම්වලදී කථිකයන් එකිනෙකා සමග මීටරයක දුරින් සිටිය යුතු බවත්, එක් කථිකයකු මයික්‍රොෆෝන් භාවිත කළ පසුව, එය අනෙක් කථිකයා භාවිත කිරීමට පෙර විෂබීජහරණය කළ යුතු බවද කොවිඩ්-19 මාර්ගෝපදේශයන්හි දැක්වේ.

එමෙන්ම අදාළ රැස්වීම සංවිධානය කරන පුද්ගලයා හෝ සංවිධානය විසින් රැස්වීමට සහභාගි වන සියලුම පුද්ගලයන්ගේ නම් ලිපිනයන් සහ දුරකථන අංක ළඟ තබාගත යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස