චෝදනා මැදින් මැකො ගෙදර යන්න සූදානම්!

August 5, 2020 at 11:58 pm | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් වන බවට ඉඟියක් අද (05) පැවති මාධ්‍ය හමුවේ දී කළේය.

මැතිවරණ කොමිසන් සභාවේ කැඳවා තිබූ එම සාකච්ඡාවේදී සභාපතිවරයා සඳහන් කළේ තමා නැවතත් මෙහිදී මාධ්‍ය හමුවක් නො කැඳවන බවය.

කෙසේ වුවද මහින්ද දේශප්‍රියට පසුගිය සමයේ විවිධ චොදනා එල්ල විය. මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් එජාපයෙන් තරඟ කරන ඕෂල හේරත්ට මංගල සමරවීරගේ සගයෙකු වන රුවන් ෆර්ඩිනැන්ඩු පවසා ඇත්තේ 2015 ජනාධිපතිවරණය එජාප අපේක්ෂකයාට ජයගත හැකි වූයේ මහින්ද දේශප්‍රිය නිසා බවත් ඩීල් එක කළේ තමා බවත්ය. එම දුරකතන සංවාදයේ හඬපටය මාධ්‍ය වෙත නිකුත් වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස