හමුදා කඳවුර ඉවත් නොකරනු! උතුරේ ජනතාව විරෝධතාවක!

January 19, 2019 at 1:26 am | by admin

කල්මුණේ පෙරිය නීලාවනයි හමුදා කඳවුර එම ස්‌ථානයෙන් ඉවත් නොකරන්නයි ඉල්ලමින් ප්‍රදේශවාසීහු පිරිසක්‌ 17 වැනිදා සවස විරෝධතාවක නියෑලුනහ.

එම හමුදා කඳවුර තිබීම නිසා තමන්ට ආරක්‌ෂාවක්‌ තිබූ බවත් එය ඉවත් කිරීම මගින් තමන්ගේ ආරක්‌ෂාවට තර්ජනයක්‌ වන බවත් නීති විරෝධී වැලි කැපීම්, ගස්‌ කැපීම් හා සොර සතුරන්ගෙන් තමන්ට කරදර වැඩිවන බවත් එහි පදිංචි නිලමේ නඩරාජා මහතා පැවැසීය.

හමුදා කඳවුරට යන වීදිය හරස්‌කර ටයර් පුළුස්‌සා මාර්ග බාධක යොදා මෙම විරෝධතාව පැවැත්වූහ. මෙම කඳවුර 18 දා ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම සඳහා කඳවුර ඉවත් කිරීමට සූදානම් වෙද්දී මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වන ලදී.

මෙම කඳවුර ඉවත් නොකරන ලෙස ඉල්ලමින් කල්මුණේ දෙවන අණදෙන නිලධාරී මේජර් සජිත සුබසිංහ මහතා වෙත ප්‍රදේශවාසීන් විසින් අත්සන් කරන ලද සංදේශයක්‌ එහිදී භාර දෙන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස