කොළඹට ශ්‍රීලනිපයෙන් හරිහමන් නායකයෙක් නෑ! මහින්දට ශ්‍රීලනිපයෙන් කොළඹින් ඡන්දෙට එන්නැයි ඇරයුම්!

January 18, 2020 at 3:55 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයට නායකත්වය ලබාදෙමින් මැතිවරණයට ඉදිරිපත්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශක්තිමත් නායකත්වයක් නොමැති වීම මීට හේතුව බව ආසන සංවිධායකවරු පෙන්වා දෙති.

මෙම යෝජනාවට අමාත්‍ය මහින්ද අමරවීර මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත. අමාත්‍යවරයා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස