කොරෝනා මර්දන සටන ඉදිරියටම! තවත් ආසාදාතයන් 43කට සුවයි! සුවපත් මුළු පිරිස 520යි!

May 16, 2020 at 5:06 pm | by emanisa.lk

තවත් කොරෝනා ආසාදිතයින් 43 දෙනෙකු සුවය ලබා තිබේ.

මෙලෙස නාවික රෝහල, අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව සහ හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේය.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී සිට මෙරට සුවයලැබූ සමස්ත සංඛ්‍යාව 520 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් වෛරස ආසාදිතයින් 406 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාරලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසයි.

මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 935 ක් වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස