වසංගත පාලනය පිළිබඳ නවතම ලෝක සමීක්ෂණයේදී ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව තිබේ. ඒ බව අනාවරණ කර ඇත්තේ චීනයේ YICAI පර්යේෂණ ආයතනය විසිනි.
එම ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව වසංගත සාර්ථකව පාලනය කරන ලද රටවල් ලැයිස්තු ගත කර ඇති අතර එම ලැයිස්තුවේ පෙරමුණට පැමිණ ඇත්තේ චීනයයි. දෙවන ස්ථානයට ශ‍්‍රී ලංකාව පැමිණ ඇති අතර මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය එය තහවුරු කරමින් නිවේදනයක් ද නිකුත් කළේය.
ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කිසිඳු පක්ෂග‍්‍රාහීත්වයකින් තොරව ගෝලීය පිළිගැනීමක් ලැබිය යුතු බවය.
මේ අතර මෙම ලැයිස්තුවේ පළමු රට ලෙස පත්ව සිටින චීනය කොරෝනා වෛරසයේ තිඹිරි ගෙය වෙයි. එහෙත්, වෛරසයේ ව්‍යාප්තිය සහ සිදුවන පුද්ගල මරණ ගණන ද සාර්ථකව පාලනය කිරීමට චීනය සමත්විය.
කොරෝනා වෛරසයේ ආරම්භයත් සමගම කොරෝනා ආසාදිත රටවල් ලැයිස්තුවේ ඉදිරියෙන් පසුවූ චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 44 වන ස්ථානයේ පසුවෙයි. ඒ අනුව චීනයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 85, 351 දෙනෙකු වාර්තා වන්නේ මරණ 4,634 ක්ද සමගය.
කොරෝනා ආසාදිතයින් 3,349 ක් සහ මරණ 13ක් වාර්තා වන ශ‍්‍රි ලංකාව එම ලැයිස්තුවේ 139 වන ස්ථානයේ පසුවෙයි.