කාර්යාලයක් දාගන්න බැරි විපක්ෂය වෙනුවෙන් මැකොලා නීති හදනවා! – විමල්

June 27, 2020 at 2:53 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ අද වන විට දේශපාලන වේදිකාවේ මඤ්ඤං කියවමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් වීරවංශ පවසයි.

ලාල්කාන්ත කොරෝනා මර්දනය කරන ජනාධිපති ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ වර්ණනා කරන විට තවත් අයෙක් කොරෝනා මර්දනය වන්නේ සමකය නිසා යැයි ද තවත් අයෙක් කේරළය දෙස බලන්න යැයි කියන බව ද විමල් වීරවංශ පෙන්වා දෙයි.

මේ වන විට විපක්ෂය දේශපාලන කාර්යාලයක් විවෘත කරගත නොහැකි තැනට පිරිහී ඇති බවත් මැතිවරණ කොමිසම එම දුර්වල විපක්ෂයට ගැළපෙන ආකාරයට නීති හදන බව ද ඔහු පවසයි.

සිය කාර්යාලයේ තමන්ගේ රුව සවි කළ නොහැකි නිසා මැතිවරණ කොමිසමේ තුන්බෑ ජටිලයන්ගේ ඡායාරූප සවි කිරීමට අදහස් කරන බවද ඔහු පැවසුවේය.

අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස