අපේ කොරෝනා මර්දන සැලසුම් සාර්ථකයි! කන්දකාඩු පොකුරත් සම්පූර්ණයෙන් පාලනය කළා! – හමුදාපති

July 30, 2020 at 10:23 am | by emanisa.lk

කන්දකාඩුවලින් මතුවූ කොවිඩ් පොකුර සම්පූර්ණයෙන් පාලනය වී ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන ආ රැඳවියෙකුට කොරෝනා වැළඳී ඇතැයි හෙළිවීමත් සමග එම පොකුර ආරම්භයේ සිටම පාලනය කරගත් බවත් එමගින් රෝගය සමාජගත වීම වැළකුණු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ආසාදිතයන් එකසිය හැත්තෑපස් දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන අවසන් කළ පන්සිය පනස්පස් දෙනෙකු ද ඊයේ (29 වැනිදා) නිවෙස් බලා පිටව ගොස් ඇත. මෙම පිරිස දිනක් ඇතුළත ලංකාවේ සුවපත් වූ වැඩිම අසාදිතයන් පිරිසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස