කොවිඩ් 19 හේතුවෙන් මරණයට පත් වන පුද්ගලයින් භූමිදානය කිරීමට ඉඩ දෙන ලෙස කළ ඉල්ලීම උවමනාවෙන් ප්‍රතික්ෂේප කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පවසයි.
ඒ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට අද (23) පැවැති විරෝධාවකට එක්වෙමිනි.
රජය පත් කළ විශේෂඥ කමිටුවේ ඉන්නේ කවුද යන්න රජය ප්‍රකාශ නොකරන බවත් “මුස්ලිම් මිනිස්සු මෘත දේහ අරන් ගිහින් ජීව බෝම්බ හදයි” යනුවෙන් එම කමිටුවේ ප්‍රධානියා බීබීසි පුවත් සේවයට ප්‍රකාශයක් කර තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
එවැනි විකාර කතා කියන අය ඉවත් කර මුලින් ම මෙම කමිටුව සංශෝධනය කළ යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
කෝවිඩ් නිසා මරණයට පත් වෙන අපේ අයට අපේ පසේ භූමිදානය කිරීමට තිබෙන අයිතිය මාලදිවයිනට බාරදෙන තැනට මෙම රජය පත්ව ඇති බවත් භූමිදානයට ඉඩ නොදුණහොත් මෙම ජන රැල්ල රජයේ සොහොන් පිටිය බවට පරිවර්තනය වන කාලය වැඩි ඈතක නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.