කොරෝනා ආසාදිතයෙක් රෝහලින් පළා යයි! ආසාදිතයා සොයා පරීක්ෂණ ඇරඹෙයි!

October 7, 2020 at 1:25 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී රාගම රෝහලට ඇතුළත් කර සිටි  රෝගියෙක් රෝහලෙන් පැන ගොස් ඇත. ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වෙයි.

රාගම රෝහලේ බලධාරීන් ප්‍රකාශ කළේ මෙම පුද්ගලයා ඊයේ දහල් කාලයේ දී රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ PCR පරීක්ෂණයේ දී ඔහුගේ වාර්තාව අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

එම රෝගියා ඊයේ රාත්‍රියේදී රෝහලෙන් පැන ගොස් ඇති බවත් මේ වන විට එම ආසාදිතයා සොයා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කොට ඇති බවත් රාගම රෝහලේ බලධාරියෙකු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස