බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.
කොටුව පොලිස් ස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ඔහු සේවය කරන කාර්යාලය පිහිටා ඇත.
මේ හේතුවෙන් බස්නාහිර පළාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අනෙක් නිලධාරීන්ද කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.
කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිස ද නිරෝධානය යොමු කිරීමට කටයුතු කර ඇත.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.