කටුනායක මස් සැකසුම් මධ්‍යස්ථානය වහා වසනු! – ඕමල්පේ සෝභිත හිමි..

December 17, 2020 at 5:31 pm | by emanisa.lk

මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පිහිටුවීමේ යෝජනාව වහා හකුලා ගන්නට රජය පියවර නොගතහොත් ගව ඝාතනයට එරෙහිව ජීවිතය පිදූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් වැනි ස්වාමින් වහන්සේලා ඊට එරෙහිව ඉදිරියට ඒම වැළැක්විය නොහැකි වනු ඇතැයි ජාතික විද්වත් සංඝ සභාවේ ප්‍රධාන අනුශාසක දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

රාජ්‍ය අනුග්‍රහය යටතේ ආරම්භ කිරීමට සූදානම්වන මෙම මස් සැකසීමේ කම්හල රටට සිදුකෙරෙන බරපතල අපචාරයක් යැයි ද උන්වහන්සේ කීහ.

සෝභිත හිමියෝ මේ අදහස් පළ කළේ ජයවර්ධනපුර ජයශේඛරාරාමයේ අද(17) පැවති ජාතික විද්වත් සංඝ සභාවේ මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානය කටුනායක ඇරඹීමට පියවර ගත් පසු වැඩිපුරම සතුන්ගේ මරණ වේදනාව විශ්වයට මුසු කරන රට වශයෙන් වාර්තාවක් තැබීමට ද අපේ රටට අවස්ථාව ලැබෙනු ඇතැයි කී සෝභිත හිමියෝ මේ කටයුත්තේ අරමුණ කුමක් දැයි විමසිය යුතුව ඇතැයි ද කීහ.

මෙවැනි ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් හදන්න යන බව තමන් නොදන්න‍ා බවත් මුල්ගල් තැබු බවක් හෝ  ලාබ යන්නේ කාගෙ අතට යන්නේ ද යන්න හෝ නොදන්නේ යැයි ද කී උන්වහන්සේ මෙයින්සිදුවන විවිධ හානි හා අපකීර්තිය සැළකිල්ලට ගත යුතුයැයි ද කීහ. ජනතාවට මේ ගැන සෙවීමේ අයිතියක් ඇතැයි ද අනුනායක හිමියෝ පැවැසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස