ගව ඝාතනය තහනම් කරන කැබිනට් පත්‍රිකාව එයි!

September 29, 2020 at 12:25 pm | by emanisa.lk

ගව ඝාතනය තහනම් කිරිම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට තිබේ. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කොට ඇත.

මෙම ගව ඝාතන තහනම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුලදී බලාත්මක කිරිමට නියමිත පනත් දෙකක් ඇති බවත් එය ඉටු කිරිමෙන් අනතුරුව මෙම නීතිය බලාත්මක කෙරෙන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේය.

කෘෂි කර්මාන්තය පදනම් වූ ආර්ථිකයක් පවතින රටක් ලෙස මෙරට ග්‍රාමීය ජනතාවගේ ජිවනෝපාය සංවර්ධනය කිරිම සඳහා ගව සම්පත ප්‍රමාණවත් නැති බවත් ආනයනික කිරිපිටි සඳහා විදේශයන්ට ඇදී යන අති විශාල විදේශ විනිමය ප්‍රමාණය අවම කිරිමට හැකිවන පරිදි දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා ප්‍රමාණවත් ගව සම්පතක් නොමැතිවීම නිසා එම කර්මාන්තයේ දියණුවට බාධාවක් වී තිබෙනවා බවත් අගමැතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත

එසේ ම ගව මස් පරිභෝජනය කරන පිරිස වෙනුවෙන් ඒවා ආනයනය කර පහසු මිලට ලබා දීමට ද වයස්ගත ගවයන් වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් දියත් කිරීමට ද යෝජනා කර ඇත..

ගවයා හින්දු ජනතාව පූජනීයත්වයෙහි ලා සලකන අතර බොහෝ බෞද්ධයෝ ද ගව මස් නොකති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස