එවකට අනුරපුර අගනුවර රජකම් කළ එළාර රජු පලවා හැර රට එක්සේසත් කිරීමට රුහුණේ මාගම සිට පැමිණි දුටු ගැමුණු කුමරුගේ සෙවනැල්ල මෙන් සිටියේ එතුමාගේ මෑණියන්වූ විහාරමහ දේවියයි. සේනාවට ආහාරපාන සැපයීම සහ සේනා සංවිධානය විහාර මහා දේවියගේ වගකීම විය.
අනුරාධපුර බලා යන ගමනේදී විජිතපුර එළාර බලකොටුවට පහරදීම සඳහා පේවීම සඳහා කලක් රැඳීසිටින්නට සිදුවිය. මේ වකවානුවේ දුටුගැමුණු කුමරු රැඳී සිටි මාළිගය එප්පාවලට නුරුදුව පවතී. විහාර මහා දේවිය රැඳී සිටි නිවසේ නටබුන් කටියාව යාය නමය ප්‍රදේශයේ පවතී.
මේ වකවානුවේ සෙබළ හමුදාවට ආහාර සැපයීම සඳහා කටියාව මහවැව විහාරමහා දේවියගේ මෙහෙයවීමෙන් ඉදිකරන ලද අතර වැවට යාබදව කුඹුරු අක්කර 500 ක් පමණද සකසා වගාකර ඇත. මේ වැවෙන් දිය ගෙන කුඹුරු පැස්සවා සෙබළ මුලට ආහාර සැපයූ බව වංශ කථාවල විස්තර වේ.
පසුකාලයේදී මේ ඓතිහාසික විහාරමහා දේවි වැව නටබුන්වී ගිය අතර නැවත නිදහස ලැබීමෙන් පසු මේ රටේ අගමැති ධුරයට පත් ජාතියට බතදුන් පියා යයි විරුදාවලී ලත් ඩී. එස්. සේනානායක මහතා ජනපද ව්‍යාපාරය ආරම්භ කරමින් ප්‍රථම ජනපද හැටියට කාගම කටියාව සේනපුර ජනපදය පිහිටුවනු ලැබීය.
මෙම සංවර්ධන වැඩසටහනේදී විහාර මහා දේවියගේ කටියාව මහවැව ප්‍රතිපෝෂණය විය. මේ ජනපද ව්‍යාපාරය නිමකොට ඩී. එස්. සේනානායක ජාතියේ පියාගේ නමින් සේනපුර ලෙස එක් කොටසකට නම් තැබීය. විහාර මහා දේවිය විසින් ඉදිකරවා පසුව ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යතුමා විසින් අලුත්වැඩියා කරන ලද කටියාව වැව අද සිඳෙමින් පවතී. රටේ ජාතියේ සංවර්ධනය මොටවී ගියාක් මෙන් ඓතිහාසික විහාරමහා දේවි වැවද අද සිඳෙමින් පවතී.