එජාප මන්ත්‍රීකමට සුදුසු මගේ ඥාතියෙකුත් වන තරුණ රුවන් තමයි! – රනිල්

November 24, 2020 at 10:57 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය ලබා ගැනීම රනිල් වික්‍රමසිංහ නැවතත් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊයේ (23) රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයින් පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නායක රනිල් වික්‍රමසිංහ පිළිගත යුතු බව පැවසුව ද ඔහු ඊට එකඟ වී නැත.

එය පක්ෂයේ තරුණ නායකයකු භාරගත යුතු බව රනිල් වික්‍රමසිංහ පවසා ඇති අතර ඒ සඳහා නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පත්කිරීමට ඔහුගේ කැමැත්ත හිමිව ඇති බව ද දැනගන්නට තිබේ.

මේ අතර ආශු මාරසිංහ අවධාරණය කළේ පක්ෂ නායකයා එම මන්ත්‍රි ධුරය ලබා නොගන්නේ නම් නියෝජ්‍ය නායකයාට එය හිමි විය යුතු බව ය.

කෙසේ වුව ද වජිර අබේවර්ධන දිගින් දිගට ම අවධාරණය කරන්නේ එම මන්ත්‍රී ධුරය පක්ෂයේ නායකයා හැර කිසිවෙකු භාර නොගත යුතු බව ය.

රුවන් විජේවර්ධන රනිල් වික්‍රමසිංහගේ මව සහ රුවන් විජේවර්ධනගේ පියා එක්කුස සහෝදර සහෝදරියෝ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස