එජාප ආණ්ඩුව නැඟෙනහිර වෙරළේ අක්කර 300ක් ⁣විකුණලා! අක්කරයක් ලක්ෂ 300යි!

January 23, 2020 at 8:25 pm | by emanisa.lk

එජාප ආණ්ඩුවේ බලවතුන් ව්‍යාජ ඔප්පු සකසා නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් විවිධ පිරිස් වෙත විකුණා ඇති බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාරලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ චෝදනා කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අද (23) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ මුහුද ආසන්නයේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ 300ක් පමණ වන බවය.

මෙවැනි වටිනා ඉඩම් අක්කර 300ක් පමණ විකුණා ඇති බව ඔහු අණාවරණ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස