2015 සිට මාර්ග සඳහා ගත් ජනතා ඉඩම්වලට සල්ලි දීලා නෑ! ගෙවිය යුතු මුදල කෝටි 2500ක්! සමහර ඉඩම් හිමියෝ මැරිලා! – ජොන්ස්ටන්

December 19, 2019 at 4:34 pm | by emanisa.lk

මාර්ග හා මහා මාර්ග අමාත්‍යාංශය විසින් මහ ජනතාවගේ පවරාගත් ඉඩම් සඳහා 2015 වසරේ සිට මේ දක්වා ගෙවීම් සිදු කර නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

එම ජනතාවට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පවරාගත් එම ඉඩම් හිමිව තිබූ ඇතැම් පුද්ගලයින් මේ වන විට ජීවතුන් අතර ද නොමැති බවයි අමාත්‍යවරයා එහිදි හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස