එංගලන්ත මැතිවරණයෙන් දැඩි කොටි හිතවාදී කම්කරු පක්ෂය පරාදයි! පක්ෂ නායක ජෙරමි කෝබින් ඉල්ලා අස්වෙයි!

December 14, 2019 at 8:46 am | by emanisa.lk

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් පාලක කොන්සවෙටිව් පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. එය 1987 වසරේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර් ලැබූ ජයග්‍රහණයෙන් පසු කොන්සවෙටිව් පක්ෂයට හිමිවූ ඉහලම ජයග්‍රහණය ලෙස සැලකෙයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම සඳහා පැවති මෙම මැතිවරණයෙන් ආසන 364ක් කොන්සවේටිව් පක්ෂයට හිමි විය. එරට පාර්ලිමේන්තුවේ සමස්ත ආසනවලින් 326ක් ජය ගන්නා පාර්ශවයට බලය හිමිවෙයි.

මෙම මැතිවරණයෙන් දැඩි ඊළාම් හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂය පරාජයට පත්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කෝබින් ප්‍රකාශ කර තිබිණි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස්‌ ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. තමන්ට අත් වූ අන්ත පරාජයෙන් පසු කොබින් පක්ෂ නායකත්වයෙන් ද ඉල්ලා අස් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස