උතුරේ රාජ්‍ය සේවකයෝ TNA එකට පයින් ගසති! ඉල්ලීම් නොතකා තැපැල් ඡන්දය භාවිත කරති!

November 1, 2019 at 10:04 am | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්‍ෂ පහක් ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය වර්ජනය කරන ලෙස දැනුම් දුන්නද එම ඉල්ලීමට එකඟතාව නොදක්වා උතුරේ රාජ්‍ය සේවකයෝ ඊයේ (31) සිය තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සඳහා එක්වූහ.

ඡායාරූපයේ දැක්වෙන්නේ වවුනියාවේ පිහිටුවා තිබූ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී තැපැල් ඡන්ද හිමි රාජ්‍ය සේවකයන් සිය ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටි අයුරුය. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී දෙමළ ජාතික සන්ධාන ඡන්ද පදනම 35% දක්වා කඩා වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස