විධායක ජනාධිපති ක්‍රමය රැකීමට පක්ෂ 05ක් පෙරට එයි!

March 3, 2019 at 5:01 pm | by admin

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට ප්‍රධාන දේශපාලන පක්ෂ 5ක් විරෝධය පළකර ඇත.

ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, වතුකර පක්ෂ තුනකින් සමන්විත දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් මෙකී යෝජනාවට විරුද්ධ අය අතර වෙති.

එම නිසා පසුගිය දින කිහිපයක් තිස්සේ දැඩි කතාබහට ලක්ව තිබූ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇත. එහෙයින් ජනතා විමුක්ති පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයට සිය පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස