උත්තරීතර ව්‍යවස්ථාව මිස මිස අරගල සම්මුති නෙමෙයි..! නීතීඥ සංගමයෙන් කුමාර්ට එරෙහිව ප්‍රකාශයක්…!

July 14, 2022 at 10:14 am | by emanisa.lk

මෙරට නීතියේ ආධිපත්‍ය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අඩපණ කරන බවට හැඟවෙන ප්‍රකාශ විරෝධතා කණ්ඩායම්වල කොටස්කරුවන් විසින් සිදුකිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධානය යොමු කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පාලනය වන රාමුව වන ආණ්ඩුකම ව්‍යවස්ථාව නොසලකා හැරීම රටට හෝ ජනතාවට හිතකර නොවන බවයි.

එනිසා නීතියේ ආධිපත්‍ය ගරු කිරීම එහි ප්‍රජාවගෙන් ජීවිතයට අත්‍යවශ්‍ය බව එම නිවේදනයේ දැක්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්න පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ 09 වෙනිදා අරගලය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලශූන්‍ය කර ඇති බවත් අරගල සම්මුතිය රටේ නීතිය බවත්ය.

නීතීඥ සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස