අරගලය ව්‍යවස්ථා නීති අහෝසි කළා..! ජනාධිපතිකම පාර්ලිමේන්තුව දැන් අදාළ නෑ..! අපේ සම්මුතිය රටේ නීතියයි..! – කුමාර් ගුණරත්නම්…

July 10, 2022 at 3:47 pm | by emanisa.lk

69 ලක්ෂයක ජනවරමක් සහ 2/3ක පාර්ලිමේන්තු බහුතරයක් ලද ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පළවා හැරි ජනතාව වත්මන් ව්‍යවස්ථාවේ වලංගුභාවය අහෝසි කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය බිඳ දැමීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට දෝෂාභියෝගයක් අවශ්‍ය බවට පාර්ලිමේන්තුවේ 3/2ක් සහ බහුතරයක් අවශ්‍ය බවට පැවැති පරාධීන මතය ඊයේ ජනතාව අරගලයක් මගින් පරාජය කළ බවයි, එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසන්නේ.

මේ නිසා එතෙක් පැවැති නීතිය ජනතා අරගලය විසින් අවලංගු කර ඇති බවත් දැන් බලපවත්වන නීතිය එම සාමුහික ජනතා සම්මුතිය බවත් ඔහු අවධාරණය කරයි.

පවතින පාර්ලිමේන්තු ක්‍රමය තුළ මැතිවරණ ක්‍රමය තුළ ජනාධිපති ක්‍රමය තුළ එම ජනතා සම්මුතිය ක්‍රියාත්මක නොවන බවත් එහෙයින් විප්ලවීය ප්‍රතිසංස්කරණ සහිත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිය යුතු බවත් කුමාර් ගුණරත්නම් පවසයි.

අද (10) පෙරටුගාමී සමාජවාදී පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *