අරගලකරුවන් සමග එක්ව තිරසාර රටක් හදනවා..! – සජිත්..

July 7, 2022 at 9:58 am | by emanisa.lk

“අරගලය දිනවන සම්මුතිය මැයෙන්” සර්ව පාක්ෂික අරගලකරුවන් විසින් සංවිධානය කර තිබූ අදාල සම්මුතිය එළිදැක්වීමේ වැඩසටහන ඊයේ (06) රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

අරගලය දිනවන සම්මුතිය විශේෂ කරුණු හයකින් අන්තර්ගත වන අතර එය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සර්ව පාක්ෂික අරගලකරුවන් කැපවන බව ද ඔවුහු පැවසූහ.

ප්‍රජාතන්ත්‍රවාදය රජයන පාලනයක් රට තුළ ස්ථාපිත කොට රට පෙරට රැගෙන යාම වෙනුවෙන් අරගල කරුවන් ගනු ලබන උත්සාහය පිළිබඳව සිය ප්‍රසාදය හිමි වන බව පැවසූ විපක්ෂ නායකතුමා, එකී ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සියල්ල වෙනුවෙන් විවාදයකින් තොරව තමන් එකඟ වන බව ද පැවසීය.

විධායකයේ යනු ජනාධිපතිවරයා පමණක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔහුගේ විධායකයේ බලතල ව්‍යවස්ථාදායකය දක්වාම දිවෙන බව ද පැවසීය.

එබැවින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව තමන් තුළ තිරසාර මතයක් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා අරගලයේ සියලු කණ්ඩායම් එකට එක් වී රට ගොඩනගන ගමනට දායක විය යුතු බව ද බවද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *