උණවටුන දුම්රියපොළ වසයි! ස්ථානාධිපති නිරෝධායනයට!

July 13, 2020 at 1:58 pm | by emanisa.lk

උණවටුන උප දුම්රිය ස්ථානය අද (13) තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

උණවටුන ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ හබරාදුව ප්‍රදේශයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සමග උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා සමීප ඇසුරු කිරිම හේතුවෙන් එම පියවර ගෙන ඇති බවය.

එමෙන්ම උණවටුන දුම්රිය ස්ථානය අද දිනයේදී විෂබිජ හරණයට ලක් කිරීමට ද පියවර ගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.

අදාළ උප දුම්රියපොල ස්ථානාධිපතිවරයා මේ වන විට පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහි වාර්තාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරිමට නියමිතව ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස