ඊයෙත් කොරෝනා ආසාදිතයන් 457ක්! වැඩි ම පිරිස ගම්පහින් සහ කොළඹින්!

October 28, 2020 at 8:16 am | by emanisa.lk

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183 දෙනෙක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 16ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 02ක්, හම්බන්තොට 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 05ක්, මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් වාර්තා වෙයි.

මීට අමතරව නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 10ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් 05ක් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 03ක් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස