ඉන්දියානු කම්කරුවන්ට පුරවැසිකම දුන්නේ ජේ.ආරුයි මමයි! නැතිව රණසිංහ ප්‍රේමදාස නෙමෙයි!

July 26, 2020 at 1:07 pm | by emanisa.lk

ඉන්දියානු වතු කම්කරුවන්ට ලංකාවේ පුරවැසිභාවය ලබා දුන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ තමා මිස වෙන කිසිවකු නොවන බව එජාප නායක හිටු අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යනු පොහොට්ටුව සහ එජාපය මෙන් පක්ෂ දෙකක් බවත් මැතිවරණයට පසු එජාප මූලස්ථානය වන සිරිකොත ඇල්ලීමට කිසිවකු පැමිණියහොත් පොලිසියට දැනුම් දෙන බවත් ඔහු සඳහන් කළේය.

තමා මෙවර මැතිවරණයෙන් අගමැති ධුරයට පත් වූ ඉන්දියානු ආධාර ලබාගෙන වතුකරයේ ගෙවල් 12 000ක් හදන බව ද ඔහු අනාවරණය කළේය.

නුවරඑළිය හැටන් නගරයේ ඊයේ (25) පැවති ජනහමුවක් අමතමින් රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස