ඇලෝසියස්ගෙන් සල්ලි ගත් 4 දෙනෙක් අපේ පිලෙත් ඉන්නවා! – මහින්දානන්ද

June 19, 2020 at 1:52 pm | by emanisa.lk

තමන් නියෝජනය කරන පාර්ශවය තුළ ද මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන චුදිතයකු වන අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් පිරිස් සිටින බව හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරයි.

කෝප් කමිටුවේ සිටි සාමාජිකයන් 16 දෙනෙකුගෙන් 6 දෙනෙකුටම ඇලෝසියස් සමඟ ඍජු සම්බන්ධයක් තිබූ බව ද ඔහු පවසයි.

සිව්දෙනකු ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගෙන ඇති බවත් අනෙක් අය මත්පැන් බලපත්‍ර ලබාගෙන ඇති බවත් ඔහු හෙලිදරව් කරයි.

ඇලෝසියස්ගෙන් මුදල් ගත් පිරිස ගැන රාජපක්ෂවරුන් ඉතා හොඳින් දන්නා බව ද ඉදිරියේ දී ඔවුනට එරෙහිව කටයුතු කරනු ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනිය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස