ඇමති හකීම්ගේ කාලේ නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීම අසාමාන්‍ය ලෙස ඉහළ ගියා! – හිටපු බුද්ධි අංශ ප්‍රධානි

July 30, 2020 at 1:39 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේදී මුස්ලිම් ශිෂ්‍යයන් බඳවා ගැනීමේ අසාමාන්‍ය වර්ධනයක් නිරීක්ෂණය වී තිබූ බව හිටපු බුද්ධි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමසන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (29) හෙළි කළේය.

ඔහු කොමිසම හමුවේ කියා සිටියේ 2003 වසරේ සිට 2012 වසර දක්වා නීති විද්‍යාලයට මුස්ලිම් සිසුන් බඳවා ගැනීමේදී ප්‍රතිශතය ඉහළ ගොස් තිබූ බවය.

2003 වර්ෂයේදී මුස්ලිම් සිසුන් නීති විද්‍යාලයට ඇතුළත් වී සිටියේ පස් දෙනකු බවත් 2012 වර්ෂයේදී එය හැත්තෑ අට දක්වා වැඩි වී තිබූ බවත්, එය 25.24% ක ප්‍රතිශතයක් ලෙස නිරීක්ෂණය වූ බවත් ඔහු කීවේය.

කොමිසම විසින් ඊට හේතුව විමසීමේදී ඔහු කියා සිටියේ එය අධිකරණ අමාත්‍යාංශයේ ගැටලුවක් බවත්, මෙය රටේම ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව නිරීක්ෂණය වූ බවත්ය. 2010-2014 කාලයේ අධිකරණ ඇමතිවරයා ලෙස කටයුතු කළේ රවුෆ් හකීම්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස