ඇමති සුවපති කොමිස්වලට බාල බෙහෙත් ගෙන්නලා! බෙහෙත් වර්ග 13 භාවිතයෙන් ඉවතට!

February 16, 2020 at 4:19 pm | by emanisa.lk

මෙම වසරේ ගතවූ මාස එකහමාරක කාලයේ දී තත්ත්වයෙන් බාල බෙහෙත්, එන්නත් හා සාන්ද්‍රණ වර්ග 13 ක් රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කර ඇති බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මෙසේ භාවිතයෙන් ඉවත් කරන ලද බෙහෙත් හා එන්නත් වර්ග අතර දරුණු බැක්ටීරියා ආසාදනයන් සඳහා ලබා දෙන ප‍්‍රතිජීවක එන්නතක් වන ‘වැන්කෝමයිසින්’ මිලිග‍්‍රෑම් 500 එන්නත්, හයිපොටර්මික් මිලිලීටර් 50 සිරින්ජර්, වෝෆරින් සෝඩියම් මිලිග‍්‍රෑම් 05 පෙති හා ට‍්‍රැකියෝස්ටෝමි මිලිමීටර් 7.5 ටියුබ් වන බව එම අංශය කියයි.

මෙම තත්ත්වයෙන් බාල බෙහෙත්, එන්නත් හා සාන්ද්‍රණ ඛාණ්ඩ, සියලූ තොග සියලූ රජයේ රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලෙස වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂවරයා විසින් සියලූ රජයේ මහ රෝහල්, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන්ට, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට, කලාපීය අධ්‍යක්ෂවරුන්ට විශේෂ රෝග මර්දන ව්‍යාපාර ප‍්‍රධානීන්ට කළුතර ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සිටින ස්ථාන භාර වෛද්‍ය නිලධාරීවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස