ඇමති රාජිත බිරිඳට හිරුණිකාට සහ හිතවතුන්ට රජයේ මුදල් බෙදුවා! ඒ සඳහා මාසයකට රු. මිලියන 40ක් මහා භාණ්ඩාගාරයෙන් ගත්තා!

October 10, 2020 at 9:28 am | by emanisa.lk

හිටපු ඇමැති රාජිත සේනාරත්න ධීවර ඇමැතිවරයා ලෙස සිටිය දී අත්තනෝමතික හා හිතුවක්කාරී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කළුතර නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට රැකියා හා තනතුරු දී රජයේ මුදල් මිලියන ගණනින් වියදම් කළ බව ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ පවසයි.

ඔහු මේ බව පැවසුවේ දේශපාලන පළි ගැනීම් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (9) සාක්ෂි දෙමිනි.

ඇමැතිවරයාගේ බිරිය වූ සුජාතා සේනාරත්නට සම්බන්ධීකරණ නිලධාරි තනතුරක් (රු.65 000), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නීති සහකාර තනතුරක් (රු.20 000), කළුතර නගර සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට (රු. 15 000) මාසික වැටුපක් හා කළුතර ප්‍රදේශයේ පුද්ගලයින් රැසකට සම්බන්ධීකරණ හා උපදේශක තනතුරු දෙමින් මෙම මුදල් වැය කිරීම් කළ බව හෙතෙම හෙළි කළේය.

ධීවර වරාය නීතිගත සංස්ථාවේ රැකියා අත්තනෝමතිකව හා හිතුමනාපයේ දීම හේතුවෙන් එම පිරිසට වැටුප් හා වේතන ගෙවීමට මාසිකව රුපියල් මිලියන 40 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ගත් බව ද පැවසීය.

හිටපු ඇමැතිවරයාගේ හිතවතෙකු ධීවර වරාය සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ තනතුරකට පත් කරමින් ඔහුට වැටුපට අමතරව රුපියල් තිස්දහසක මුදල් ගෙවීමට නියෝග කළ බව ද පැවසීය. පසුගිය මැතිවරණයට තරග කළ ඡන්ද අපේක්ෂකයකු මෙම පත්වීම්ලාභීන් අතර සිටි බව පැවසීය.

හිටපු ඇමැතිවරයා දේශපාලන බලපුළුවන්කාරකම් පෙන්වමින් සිය හිතවත් සමාගම්වලට සංස්ථා දේපොළ දීමට දන්වා සිටි බව ද, ඒ අනුව රජරට ඩ්‍රේඩින් නමැති සමාගමට පානදුර ධීවර වරායෙන් වැලි කියුබ් දසදහසක් දීමට නියෝග කළ බව ද කීවේය.

මාධ්‍ය හිමිකරු කොම්පැණියකට ත්‍රිකුණාමල ධීවර වරාය අංගණය බදු දෙන්න ක්‍රියා කළ හිටපු ඇමැතිවරයා ඔහුගේ වචනයට අවනත නොවන පුද්ගලයින් සේවයෙන් දොට්ට දැමීමට ක්‍රියා කළ බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස