අරලියගහ මන්දිරේ අනුරට කාර්යාලයක් තිබ්බේ නෑ! ඒකේ තිබ්බ කාර්යාලයක අනුරත් හිටියා! එච්චරයි! – ජවිපෙ

September 14, 2020 at 8:19 am | by emanisa.lk

අරලියගහ මන්දිරයේ අනුර කුමාර දිසානායකට කාර්යාලයක් තිබුණ කතාව පදනම් විරහිත බවත් එහි තිබුණේ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය බවත් ජවිපෙ පවසයි.

ඊට පෙර රජයේ දූෂණ පිළිබඳ කතා කළ පිරිසක් ලෙස එම දූෂණවලට එරෙහිව ලද පැමිණිලිවලට යුක්තිය ඉටු කිරීමේ වගකීමක් තමන්ට පැවරුණ බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

අරලියගහ මන්දිරයේ පැවති දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ කටයුතු අධීක්ෂණය සඳහා යම් දේශපාලකයන් පිරිසක් පත්කර තිබූ බව ද ඔහු සඳහන් කළේය.

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති ⁣එම දූෂණ විරෝධී ලේකම් කාර්යාලය නීති විරෝධී බවත් එමගින් මහජන මුදල් කෝටි 3කට අධික ප්‍රමාණයක් වැටුප් දීමනා ලෙස ලබා ගෙන ඇති බවත් දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමේ දී අනායරණය විය.

මේ පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා පවසා තිබුණේ ලොකු ම දූෂණය සිදු වී ඇත්තේ දූෂණ සෙවීම සඳහා පත් කළ මෙම දූෂණ විරෝධී කමිටුවේ බවය.

අනුර දිසානායක, පාඨලී රණවක, මංගල සමරවීර, රාජිත සේනාරත්න, එම්.ඒ. සුමන්දිරන්,ආර්. සම්බන්ධන්, ජයම්පතී වික්‍රමරත්න ඇතුළු පිරිසක් එහි සාමාජිකයන් වූහ.

https://www.facebook.com/100000781571657/posts/3220400957995925/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස