ඇමති රිෂාඩ් බදූර්දීන්ගේ ආයතනයක උපදේශකයකු සහ භාෂා පරිවර්තකයකු ලෙස කටයුතු කරන බව කියන කුරුණෑගල මල්ලවපිටියේ දී මවුලවියකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ ජංගම දුරකතනයේ ඔහු පොලිස් ඇඳුමින් සැරසී ලබා ගත් ඡායාරූප, මීගමුව කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ප්රහාරයෙන් තුවාල ලැබූ අයගේ ළතෝනි හඬ සහිත වීඩියෝ, නවසීලන්ත ක්රයිස්චර්ච් ප්රහාරයේ වීඩියෝ දර්ශන ඇතුළු සැකකටයුතු ඡායාරූප රාශියක් තිබී ඇත.