ඇඳිරි නීති කාල සීමාව පැයකින් අඩුවෙයි!

June 13, 2020 at 1:22 pm | by emanisa.lk

හෙට (14) දින සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණක් ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

කෙසේ වුවද රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වා ගෙන යාමේදීත්, එදිනෙදා ජන ජීවිතයේදීත් කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස