ඇඳිරි නීතිය පොසොන් පොහොය තෙක් පමණයි!

June 1, 2020 at 3:22 pm | by emanisa.lk

ඉදිරි සතියේදීත් බාහිර සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවන තත්ත්වය දිගටම පැවතුණහොත් පොසොන් පොහොයෙන් පසු දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇති බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසයි!

ඒ අනුව රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා දැනට පනවන ඇඳිරි නීතිය හා ඉරිදා දිනයන්ට පනවන ඇඳිරි නීතියද ඉවත් වීම කෙරෙහි අවධානය යොමුව ඇත.

කොරෝනා සමග ජීවත් වෙමින් රට සාමාන්‍යකරණය වීම නිසා මෙම තීන්දුව ගැනීමට නියමිතය.

ඒ අනුව ලබන ජුනි 04 හා 05 දෙදින රටපුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර ජුනි 06 සෙනසුරාදා සිට සුපුරුදු පරිදි රාත්‍රි 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස