ආසාදියකයකු හමු වූ පමණින් ආයතන වසා දැමිය යුතු නෑ!

October 28, 2020 at 11:45 am | by emanisa.lk

කොරෝනා අසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතු වූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමේ කිසිඳු අවශ්‍යතාවක් නැතැයි යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඔහු කියා සිටියේ එවැනි ස්ථාන විෂබීජහරණය කිරීමෙන් පසු දින කිහිපයකින් යළි විවෘත කිරීමට හැකි බවයි. කොරෝනා ආසාදිතයෙකු හෝ ආශ්‍රිතයෙකු වාර්තා වන පොලිස් ස්ථාන ඉන්පසුව අනුගමනය කරන පිළිවෙත ඊට කදිම නිදසුනක් බව ද යුද්ධ හමුදාපතිවරයා පෙන්වා දෙයි.

කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ පමණින් හෝ එවැනි අවදානමක් මතුවූ පමණින් වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීම හේතුවෙන් සේවා සපයා ගන්නා ජනතාව දැඩි දුෂ්කරතාවවලට පත්වූ අවස්ථා ඉකුත් දින කිහිපයේ ම වාර්තා විය.

එමෙන් ම එය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් බව විශ්ලේෂකයින් ද පෙන්වා දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස