ආර්ථික අහේනිය මැද නවක මන්ත්‍රී වාහන බලපත් සූදානම්!

September 12, 2020 at 1:00 pm | by emanisa.lk

මෙවර පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් සඳහා නුදුරේදීම තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙසේ මුල් වටයේදී වාහන බලපත්‍ර හිමි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය 79කි.

ඔවුන්ට වාහන බලපත්‍ර ලබා දීමෙන් පසු සෙසු මන්ත්‍රීවරුන්ටද බලපත්‍ර ලබා දීම සිදු කිරීමට නියමිතව ඇතැයිද සඳහන්ය.

මන්ත්‍රී වාහන බලපත්‍රයක් සඳහා තීරු ලක්ෂ 65ක පමණ බදු සහනයක් හිමිවෙයි.

නමුත් මෙරටට වාහන ගෙන්වීම දැනට තහනම් කර ඇති නිසා එම තහනම ඉවත් කළ විට වාහන මිලදී ගත හැකි වනු ඇත.

රජයේ නිලධාරීන් සඳහා ද රුපියල් ලක්ෂ 36ක බදු සහන සහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමටද නියමිතව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස