ආණ්ඩුව මම කිව්ව විදිහට වැඩ කළා නම් අද ලංකාවේ කොරෝනා නෑ! – රනිල්

June 7, 2020 at 10:39 pm | by emanisa.lk

කොරෝනා වෛරසය මර්දනය සඳහා තමන් ලබාදුන් යෝජනා රජය ක්‍රියාත්මක කළේ නම් මැයි මාසය අවසන් වන විට රට යථා තත්ත්වයට පත්කිරීමට හැකියාවක් තිබූ බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අද (07) පැවති පාක්ෂික හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

මෙහිදී අදහස් දැක්වු රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ, කොරෝනා වසංගතය ආරම්භ වු විට පරීක්ෂණ 5000 ක් පවත්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලු බවයි.

මාර්තු 24 වන දින මෙරට ආසාදිතයින් 102 ක් ලෙස බවත් අද වන විට අද අසාදිතයින් 1814 ක් ව ඇති බවත් මරණ 11 සිදුව ඇති බවත් පැවසු හෙතෙම ආණ්ඩුව ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන් බවද පැවසීය.

පෙබරවාරි 18 වන දින සිට පරීක්ෂණ 75239 ක් සිදු කර ඇති බවත් පැවසු රනිල් වික්‍රමසිංහ, එය දිනකට 690 ක් වැනි සංඛ්‍යාවක් බවද කියා සිටියේය.

එහි ප්‍රතිඵලයක් ලෙස අද වන විට ආසාදිතයින් 1800 ඉක්මවා ඇතැයි ද පැවසු වික්‍රමසිංහ මහතා පරීක්ෂණ නිසි ලෙස සිදු කරේ නම් ආසාදිතයින් ගණන 500 කට සීමා කළ හැකිව තිබු බවද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස