2015 දී මහින්ද රාජපක්ෂ තන්ත්‍රය බිඳ වැටුණේ එයට බාහිරින් එල්ල වූ ප්‍රහාරය නිසාම නොව එය අභ්‍යන්තරයෙන් දුර්වල වී තිබූ නිසාය. ප්‍රති-රාජපක්ෂ කඳවුර විසින් රාජපක්ෂ කඳවුරට ගෙන එන ලද මූලික චොදනාවල සාධාරණත්වය එහි අභ්‍යන්තර පාර්ශව විසින්ම වරින් වර හා විවිධ ආකාරයෙන් තහවුරු කෙරී ඇත.
රාජපක්ෂ තන්ත්‍රය මෙතෙක් පැවැති දූෂිතම ආණ්ඩුව විය හැකියැයි කීවේ අනෙකක් නොව නලින් ද සිල්වාය. රාජපක්ෂ පාලනයේ සංවර්ධන කතිකාවට දැවැන්තම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කළේ අනෙකෙක් නොව විමල් වීරවංශය.
මේ නිසා රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීම යුක්ති සහගත කිරීමට එහි ප්‍රතිවාදීන්ට අමුතුවෙන් යමක් කිරීමට දෙයක් තිබුණේ නැත. එහි ආරක්ෂාව වෙනුවෙන් තිබුණු එකම තර්කය වන්නේ රටේ ස්රෛීභාවය ස්වාධීනත්වය යනාදිය පිළිබඳ වූ කතිතාවයි. එය පොදුජන වහර තුළට ගෙන ගියේ මහින්ද මොනව නැතත් රට බේරගත්තේය යන ආකල්පය හරහාය.
නමුත් ආණ්ඩුව බේරා ගැනීමට එය ප්‍රමාණවත් නොවීය. විරුද්ධවාදීන්ට තිබුණේ ප්‍රති-රාජපක්ෂ බලවේග එක් කේන්ද්‍රයක් වටා ගොනු කිරීම පමණි. තානාපති කුමන්ත්‍රණ යනාදී සියල්ලට වලංගුතාවක් ලැබෙන්නේ එහිදී ය.
අද තත්වය තුමක්ද? ප්‍රති-රාජපක්ෂ කඳවුරට තමන්ගේම වූ ධනාත්මක අනන්‍යතාවක් නැත. කේන්ද්‍රය අහිමි වී ඇති එය අභ්‍යන්තරයෙන්ම බිඳී විසිරී ගොස් ඇත. එය නැවත එකතු කිරීම දැනට තිබෙන දේශපාලන තුළනය තුළ නොවිය හැක්කකි. ප්‍රමාණාත්මක වශයෙන් ඒ සඳහා වැඩිම හැකියාව ඇති එක්සත් ජාතික පක්ෂය යටතේ එය එක්සත් කිරීමට ජනවාරි 8 සම්මුතියට සාපේක්ෂව ගත් කළ කිසිදු යුක්තිසහගත පදනමක් ඇත්තේ ද නැත.
ඊළඟට ඊට හැකියාව ඇති මෛත්‍රීපාල සිරිසේන එම කඳවුර තුළ තමන්ට ඇති විශ්වාසය අහිමි කරගෙන ඇත. ජවිපෙ දේශපාලන හා ආර්ථික දැක්ම පිළිගැනීමට මේ කඳවුරේ බහුතරයක් තවම කැමති නැත.
ඒ නිසා ඊළග ආණ්ඩුව පිහිටුවීමේ හැකියාව අනිවාර්යෙන්ම ඇත්තේ රාජපක්ෂ කඳවුරටයි. එහි කේන්ද්‍රය වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැනට එහි ම අභ්‍යන්තරයේ නොඑකඟතාවක් පවතින්නේ වුව ද ගෝඨාභය රාජපක්ෂ ඒ සදහා වැඩිම හැකියාව ඇති පුද්ගලයාය. ගෝඨාගමනය සාපේක්ෂ වශයෙන් අනිවාර්යතාවක් වන්නේ එැබැවිනි.
FB