ආණ්ඩුවට 2/3ක් ලැබුණේ පොහොට්ටුව හොඳ නිසා නෙමෙයි! ජේ.ආර්ගේ බහුභූත ව්‍යවස්ථාව නිසායි! – චන්ද්‍රිකා

August 14, 2020 at 10:57 pm | by emanisa.lk

තම පියා ගොඩනැගූ, මව ආරක්ෂා කළ, තමා සංවර්ධනය කළ ශ්‍රීලනිපය විනාශයට පත්වීම සම්බන්ධයෙන් අතිශය කණගාටු වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසයි.

ශ්‍රීලනිපය විනාශය කරා ගෙන ගියේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන බවත් ඇය අවධාරනය කරයි.

ශ්‍රීලනිපයේ බහුතරයක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළද පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපයේ ප්‍රතිපත්තිවලට හාත්පසින්ම වෙනස් බවත් සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයන්ට පොහොට්ටුවට එකතු විය නොහැකි බවත් ඇය පවසයි.

පොහොට්ටුවට 2/3ක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණේ ජේ.ආර්. ජයවර්ධන රටට හඳුන්වා දුන් බහුබූත ව්‍යවස්ථාව නිසා බව ද ඇය පෙන්වා දෙයි. ඊට අමතරව විපක්ෂය දුර්වල වීම ද ඊට හේතු වූ බව හිටපු ජනාධිපතිනිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස