පොහොට්ටුවට ආසන 146ක විශිෂ්ට ජයක්! 2/3ට ආසන 04ක් පිටුපසින්! දුරකතනයට ආසන 52යි! මාලිමාවට ආසන 03ක්!

August 7, 2020 at 1:06 am | by emanisa.lk

2020 මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද ඇතුළුව ආසන 146ක් හිමි වන බව Manthri.lk දත්ත වාර්තා කරයි.

ඒ අනුව සමගි ජන බලවේගයට ආසන 52ක් ද දෙමළ ජාතික සන්ධානයට ආසන 10ක් ද ජාතික ජන බලවේගයට ආසන 03ක් ද එක්සත් ජාතික පක්ෂයට ආසනයක් ද වෙනත් පක්ෂවලට ආසන 10ක් ද හිමිව තිබේ.

මේ අතර පොදුජන පෙරමුණට සහාය දක්වන EPDP පක්ෂය ආසන 02ක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 01ක් ද TMTK පක්ෂය ආසන 01ක් ද ලබා ගෙන තිබේ. ඒ සියල්ල එකතු කළ විට පොදුජන පෙරමුණට ආසන 149ක් හිමිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *