ආගමික කටයුතු ටියුෂන් පන්ති සඳහා අවසර! සත්වෝද්‍යාන සහ වනෝද්‍යානත් නැවත විවෘත වෙයි!

June 10, 2020 at 6:08 pm | by emanisa.lk

සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් මත ආගමික ස්ථාන සඳහා පුද්ගල එක්රැස් වීම්ට ලබන 12 වනදා සිට අවසර ලබා දී තිබේ.

එහිදී එවැනි ආගමික කටයුතු පුද්ගලයින් 50 දෙනෙකුට සීමා කරන ලෙසයි දැනුම් දී ඇත. එමෙන්ම අදාළ කොන්දේසී මත උපකාරක පංති යළි ආරම්භ කිරිමට ලබන 15 වනදා සිට අවසර ලබා දී ඇත. එහිදී සිසුන් 100 ක සීමා කර පංති පැවැත්වීමට සෞංශ අංශ අවසර ලබා දී ඇත.

මේ අතර ජාතික සත්වෝද්‍යාන, උද්භිද උද්‍යාන, වනජීවී ජාතික උද්‍යාන සහ වන සංරක්ෂණ උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර ඇත.

වනජීවී අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කළේ මේ මස 15 වැනිදා සිට එම ස්ථාන නැවත විවෘත කෙරෙන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස