අලුත් මැතිවරණ කොමිසමෙන් හිටපු තුන් කට්ටුව ම හැලෙයි!

November 5, 2020 at 12:27 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කිරීමට නියමිත නව මැතිවරණ කොමිසමට හිටපු මැතිවරණ කොමිසමේ කිසිදු සාමාජිකයකු ඇතුළත් නොවනු ඇතැයි වාර්තා වෙයි.

පැරණි මැතිවරණ කොමිසමේ නිල කාලය නොවැම්බර් 16 වෙනිදා අවසන් වීමට නියමිතව තිබිණි. කෙසේ වුව ද පසුගිය 29 වෙනි දා 20 වෙනි සංශෝධනය නීතියක් බවට පත්වීමත් සමග ම එය අහෝසි විය.

එහි සභාපති ලෙස මහින්ද දේශප්‍රිය කටයුතු කළ අතර ජනාධිපති නීතීඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.

පැරණි මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු වුව ද නව මැතිවරණ කොමිසමට සාමාජිකයන් පස් දෙනෙකු ඇතුළත් ය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනා සඳහා වසරක් සඳහා රු. ලක්ෂ 54ක් දීමනා ලෙස ගෙවා ඇති අතර එහි සාමාජිකයන් නිල නිවාස සහ නිල වාහන අවභාවිත කළ බවට පසුගිය සමයේ චෝදනා නැඟිණි.

එසේ ම පසුගිය සමයේ මැතිවරණ පැවැත්වීමට නොව මැතිවරණ නොපැවැත්වීමට කටයුතු කිරීම නිසා ම එය ප්‍රසිද්ධ වූයේ “මැතිවරණ නො පවත්වන කොමිසම” ලෙස ය. එහි සාමාජික රත්නජීවන් හූල් මැතිවරණ පැවැත්වීමට එරෙහිව අධිකරණයට ද ගියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස