20ට එරෙහිව පෙත්සම් ගහන්න හූල් යාපනේ සිට කොළඹ එයි! ගමන් පහසුකම් මැතිවරණ කොමිසමේ වාහනෙන්!

September 30, 2020 at 9:06 am | by emanisa.lk

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් කටයුතු කර තිබේ.

ඒ සඳහා ඔහු යාපනේ සිට පැමිණ ඇත්තේ මැතිවරණ කොමිසමේ කිලිනොච්චි කාර්යාලයට ලබා දී ඇති VP-GA-9421 දරන රථයෙනි. මේ අවස්ථාවේ ඔහු සිය දියණිය ද රැගෙන පැමිණ තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට වාහන සඳහා දීමනාවක් ලබා දෙන අතර වාහන ලබා නොදෙයි. එහෙත් හූල් එම දීමනාව ද ලබා ගන්නා අතර නීති විරෝධී ලෙස මැතිවරණ කොමිසමේ වාහන ද දිගින් දිගට ම භාවිත කරයි.

පසුගිය සමයෙ කොළඹ සිට මැතිවරණ කොමිසමට පැමිණි හූල් යාපනේ සිට පැමිණෙන බව කියමින් මාසිකව රු. 50 000ක ප්‍රවාහන දීමනාවක් මාස 48ක් ලබා ගෙන ඇති බව ද වාර්තා වෙයි. මැතිවරණ කොමිසමේ විගණන අංශය මේ සියල්ල ඉදිරියෙහි පුදුම සහගත නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ද දැන ගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස